Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

හරක් හොරු අල්ලන්න ගිය ආණමඩුව පොලිසියේ ට්‍රැෆික් OIC රිය අනතුරකින් ජීවිතක්ෂයට

ආණමඩුව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකින් මියගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ තවත් පොලිස් නිලධාරියෙකු සමග අදාළ ස්ථානාධිපතිවරයා මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී එම රථය පාලනයෙන් ගිලිහී ගොස් ආණමඩුව ඔරලෝසු කණූවේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

මෙම රිය අනතුරට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා ඉකුත් ඊයේ (04) රාත්‍රී කාලයේ දී ආණමඩුව පොලිස් ස්ථානය තුළ පොරොත්තු රාජකාරියේ නිරතව සිට ඇත.

Giraya News Alerts

කොට්ටුකච්චිය ප්‍රදේශයේදී කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ලොරි රථයක හොර රහසේ හරක් පටවන බවට වූ තොරතුරක් ලැබීමත් සමග ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පිටත්ව ගොස් ඇත. ඒ වන විට ආණමඩුව පොලීසියට අයත් ජංගම රථය වෙනත් රාජකාරියක් සදහා පිටත්ව ගොස් තිබී ඇති අතර එම හේතුවෙන් තම පුද්ගලික මෝටර් රථයෙන් එම ස්ථානයට යාමට මිය ගොස් ඇති උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර තිබුණා.

එහිදී ඉදිරියට පැමිණෙමින් තිබූ ගවයින් රැගත් ලොරි රථය පසු පස තමන් පදවාගෙන පැමිණි මෝටර් රථය ආපසු හරවා ගෙන ලුහුබැද යාමට මියගිය රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කොට ඇති අතර එහිදී වේගයෙන් ගමන් කර ඇති මෝටර් රථය ලිස්සා ගොස් ආණමඩුව නගරය තුළ පිහිටි සුවිසල් ඔරලෝසු කණුවේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙම රිය අනතුරෙන් තුවාල ලැබූ ආණමඩුව පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයා බරපතල තුවාල ලබා ප්‍රතිකාර සදහා ආණමඩුව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top