Advertise with Giraya
NEWS

සඳුදායින් පසුව බස්නාහිර පළාත විවෘත කිරීමේ වැඩි හැකියාවක්

එළඹෙන 09වන සඳුදායින් පසුව බස්නාහිර පළාත විවෘත කිරීමට වැඩි හැකියාවක් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි. යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ, දෙරණ නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින්ය.

එහිදී යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ “හැකි ඉක්මනින් රට විවෘත කිරීම ඉතාමත් වැදගත්. ජනාධිපතිතුමා ඉතා පැහැදිළිව උපදෙස් දුන්නා මේ දින 10ක් එක දිගට නිරෝධායන ඇඳිරිනීතිය යොදවලා බලාපොරොත්තු වුණේ වැඩිම ජන ඝනත්වයක් තියෙන බස්නාහිර පළාතේ පුද්ගලයෙක් අතරින් පුද්ගලයෙකුට මේ වෛරසය ව්‍යාප්තවීම අවම කිරීමට. මේ දින 10 තුළ කෙසේ හෝ කරගත යුතු PCR පරීක්ෂණ කරගෙන මේ පැතිරීම වළක්වා ගන්න සියලු ක්‍රියාමාර්ග ගන්න කියලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා. ඒ අනුව 09 වැනි සඳුදා උදෑසන 5.00වන විට බස්නාහිර පළාත විවෘත කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා අපිට උපදෙස් දුන්නා. ජනාධිපතිතුමා කිසිසේත් බලාපොරොත්තුවක් නෑ ඉන් ඉදිරියටත් මේක රැගෙන යන්න. ඒ නිසා මේ දින 10 අපි උපරීම ප්‍රයෝජනයට අරගෙන ඒ කටයුතු සිදුකරනවා. මේ පාර පැතිරෙන කොවිඩ් වෛරසය කොයිතරම් භයානකද කියනවා නම්, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි ඔබ පළඳින මුව ආවරණය පවා වැරදියට පැළඳ සිටියහොත් මේ වෛරසට ඔබේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්.” යනුවෙනි.

කෙසේවෙතත්, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීමට නම් ඊට අදාළ කටයුතු සඳහා ජනතාව සහයෝගය දැක්විය යුතු බවය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top