ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (05) පස්වරු 6.30 වන විට 12,400ක් බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අද (05) දිනයේ දී තවත් ආසාදිතයින් 213 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි. එම ආසාදිතයින් සියලුදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ ආශ්‍රිතයින් වේ.
එමෙන්ම, ඊයේ (4) දිනයේ දී ආසාදිතයින් 443 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන්ගෙන්,
- බ්රැනඩික්ස් මිනුවන්ගොඩ හා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් – 418ක්
- නිරෝධායන මධ්‍යස්ථානවලින් – 25ක්
ඔක්තෝම්බර් මස 03 වැනි දින බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළ පළමු ආසාදිතයා වාර්තා වූ අතර මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 71%කට වැඩි ප්‍රමාණයක් දැනට වාර්තා වී ඇත්තේ බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ කොරෝනා පොකුරට වේ. එම පොකුරට අදාළව ඔක්තෝම්බර් මස එක් එක් දිනකදී වාර්තා වූ ආසාදිතයින් ගණන පහතින් දැක්වේ.
- ඔක්තෝම්බර් 01 – 397
- ඔක්තෝම්බර් 02 – 275
- ඔක්තෝම්බර් 03 – 409
- ඔක්තෝම්බර් 04 – 443
දැනට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 12,400 දෙනා වාර්තා වී ඇත්තේ පහත සඳහන් කාණ්ඩයන්ගෙන් වේ.
- වෙනත් රටවලින් පැමිණි විදේශිකයින් – 100
- වෙනත් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකය -1465
- නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
- කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් හා ආශ්‍රිතයින් -651
- බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ පොකුර – 8922
- වෙනත් -313
එසේම, අද (01) පෙරවරු 10.00 වන විට තවත් අසාදිතයින් 765 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. එය එක් දිනකදී සුවය ලැබූ වැඩිම ප්‍රමාණය වේ. ඒ අනුව, මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 6623 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.
තවද, මේ වන විට මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ ගණන 29ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද (05) දිනය තුළ කොරෝනා මරණ 05ක් වාර්තා වූ අතර එය එක් දිනක දී වාර්තා වූ වැඩිම මරණ ගණන වේ. ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 5748කි.
එමෙන්ම, දැනට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 12,400ට සාපේක්ෂව 53%කට ආසන්න ප්‍රමාණයකට සුවය ලබා ඇත. දැනට වාර්තා වූ ආසාදිතයින්ගෙන් සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 46%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණයට පත්වූ ප්‍රමාණය 0.23%ක් වූ ප්රමාණයකි.

දැනට ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 556,359ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. මෙරට එක් දිනකදී සිදු කළ වැඩිම පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය වූ 11,999ක ප්‍රමාණය ඔක්තෝම්බර් මස 31 වැනි දින සිදු කර තිබෙනවා. ඊයේ (04) දිනයේ දී සිදු කර ඇති පිසීආර් පරීක්ෂණ ප්රමාණ්ය 11,316කි.
