Advertise with Giraya
NEWS

කොරෝනා හේතුවෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය ගණන 29 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද (05) දිනය තුළ දී කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් තවත් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි. එය එක් දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.

ඒ අනුව, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද අදාළ කොවිඩ් – 19 ආසාදිත මරණ පිළිබඳව තොරතුරු පහත පරිදි වේ.

කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පිඹුර මූලික රෝහලේ දී ඊයේ (04) දින මිය ගොස ඇත. එම පුද්ගලයා කොවිඩ් – 19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර දීර්ඝකාලීන වකුගඩු රෝගයකින් ද පෙළී ඇත.

Giraya News Alerts

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදංචි 58 හැවිරිදි කාන්තාවකි. පපුවේ වේදනාවක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ (04) දින මියගොස් ඇත.

කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේ දී මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කොවිඩ් – 19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇත. මරණයට හේතුව ලෙස වාර්තා වන්නේ කොවිඩ් – 19 ආසාදනය නිසා සිදු වූ හෘදයාබාධයකි.

කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේ දී මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත. මරණයට හේතුව වශයෙන් හඳුනාගෙන ඇත්තේ කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් සිදු වූ පෙනහළු ආසාදනයකි.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 74 ක පිරිමි පුද්ගලයෙකි. සිය නිවසේ දී මිය ගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස තහවුරු කර ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top