Advertise with Giraya
NEWS

තවත් කොවිඩ් ආසාදිතයෙකු වෙනත් හේතුවකින් ජීවිතක්ෂයට

කොළඹ 13 ප්‍රදේශයේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් නිවසේ සිදු වූ ඇද වැටීමකින් හිසට සිදු වූ බරපතල හානි සහිතව නොවැම්බර් 02 වන දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ හේතුවෙන් ඊයේ (03) දින මියගොස් ඇත. අද (04) දින සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.

කෙසේ වුව ද, අදාළ පුද්ගලයා මිය යෑමට ආසන්නතම හේතුව අනුව මෙම මරණය කොවිඩ් – 19 ආසාදනය වීම හේතුවෙන් සිදු වූ මරණයක් ලෙස නොසලකන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.

වැඩිදුර කියවන්න

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top