ශ්‍රී ලංකාවෙන් අද (04) පස්වරු 9.35 වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 12,774ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අද(04) දිනය තුළ ආසාදිතයින් 443ක් හඳුනා ගැනිමත් සමඟය. එම ආසාදිතයින් 443දෙනාගෙන් 25 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් ද 418ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ද වේ.
අනුව, මේ වන විට බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 8709ක් ලෙස වාර්තා වේ.
එමෙන්ම, අද (04) දිනයේ දී තවත් ආසාදිතයින් 277 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, වාර්තා වූ ආසාදිතයින්ගෙන් 5858 දෙනෙකු සුවය ලබා තිබෙනවා. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 6305ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 24කි.
