බොරැල්ල පොලිසියේ නිලධාරින් 41 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. ඒ අනුව, බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් 59 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී ඇත.
අදාළ කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් සියලුදෙනා මේ වනවිට කළුතර පොලිස් රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙන අතර බොරැල්ල පොලිසිය වෙත සාමාන්‍ය ජනතාවගේ පැමිණීම නවතාදමා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.
