Advertise with Giraya
FOREIGN

අපි ජයග්‍රහණය සැමරීමට ලෑස්තියි – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට ධවල මන්දිරයේ සිට සිය පාක්ෂිකයින අමතමින් සිටියි. තමාට සහය පළ කළ ඇමරිකානු ජනතාවට සිය කෘතවේදිත්වය පළ කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී පැවසුවා.

එමෙන්ම, ඔහු පැවසුවේ, “අපි ජයග්‍රහණය සැමරීමට ලෑස්තියි” යනුවෙනි.
“හරි පැහැදිලියි අපි ප්‍රධාන ප්‍රාන්ත ජයගන්නා බව.”

මේ වනවිට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ජෝ බයිඩන් කොට්ඨාස 238ක් ජයලබා ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකර ගෙන ඇති කොට්ඨාස ගණන 213කි.

Giraya News Alerts

එසේම මෙහිදී ට්‍රම්ප් පවසා ඇත්තේ ජන්ද ගණන් කිරීම නැවැත්වීම සඳහා තමා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවය. “විශාල වංචාවක් වෙනවා,” යනුවෙන් ඔහු පැවසූ බව විදෙස් මාධ්‍ය පැවසීය.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මීට සුළු වේලාවකට ප්‍රථම සිය පාක්ෂිකයින් අමතමින් සඳහන් කර තිබුණේ “අපි විශ්වාස කරනවා අපි මේ මැතිවරණය ජයගන්නා මාවතේ ඉන්නා බව,” යනුවෙනි.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top