Advertise with Giraya
Giraya NewsGiraya News
FOREIGN

ජෝ බයිඩන් ජයග්‍රාහී මාවතේ

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව මැතිවරණ ගණ (ඡන්ද සමූහ) 237 ක බලය තහවුරු කරගැනීමට හිටපු උප ජනාධිපති සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සමත්ව ඇති බවත් ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට හිමි කරගෙන ඇති ඡන්ද සමූහ ගණන 210ක් බවත් ‘ෆොක්ස් පුවත් සේවය’ වාර්තා කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත්වීමට නම් ඉලෙක්ටෝරල් කොලේජ් යන ඉංග්‍රීසි වදනින් හඳුන්වන මැතිවරණ ගණ (ඡන්ද සමූහ) 270ක බලහ හිමි කරගත යුතුය. ඇමෙරිකානු මැතිවරණ ක්‍රමය තුළ තිබෙන සමස්ත මැතිවරණ ගණ (ඡන්ද සමූහ) ගණන 538කි.

මේ අතර, අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මීට සුළු වේලාවකට ප්‍රථම සිය පාක්ෂිකයින් ඇමතීය.

Giraya News Alerts

එහිදී ඔහු පැවසුවේ, “අපි විශ්වාස කරනවා අපි මේ මැතිවරණය ජයගන්නා මාවතේ ඉන්නා බව”

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top