Advertise with Giraya
NEWS

විශේෂ කාර්ය බලකා කඳවුරු තුනක් හුදකලා කෙරේ

කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් පොලිස් වි‍ශේෂ කාර්ය බළකා කඳවුරු 03ක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් -19 වෛරස ව්‍යප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව කැළණිය, කලුබෝවිල සහ රාජගිරිය යන පොලිස් වි‍ශේෂ කාර්ය බළකා කඳවුරු 03 හුදකලා කිරීමට තීරනය කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යය බළකා සාමාජිකයින් 56 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 183 දෙනෙකුට මේ වනවිට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top