ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 11,774ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අද(03) දිනය තුළ ආසාදිතයින් 409ක් හඳුනා ගැනිමත් සමඟය. එම ආසාදිතයින් 409දෙනාගෙන් 8 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් ද 401ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ද වේ.
අනුව, මේ වන විට බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 8129ක් ලෙස වාර්තා වේ.
එමෙන්ම, අද (03) දිනයේ දී තවත් ආසාදිතයින් 332 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, වාර්තා වූ ආසාදිතයින්ගෙන් 5581 දෙනෙකු සුවය ලබා තිබෙනවා. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 6140ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 23කි.
