ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීමෙන් සිදු වු 23 වන මරණය ඊයේ (02) දිනයේ දී සිදු වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියි.
කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක් ඊයේ (02) දිනයේ දී සිය නිවසේ දී මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කොවිඩ් – 19 ආසාදිත අයෙකු ලෙස හඳුනාගෙන ඇත.
මෙම කාන්තාව උණ,කැස්ස, උගුරේ ආසාදනය ආදී රෝගී තත්ත්වයන්ගෙන් පෙළී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වාර්තා වී ඇති අතර මරණයට ආසාන්නතම හේතුව පෙනහලු ආසාදනය වීම හඳුනාගෙන ඇත.
මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 23 වන කොවිඩ් – 19 ආසාදිත රෝගියෙකුගේ මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.
