ශ්‍රී ලංකාවේ මෙතෙක් ආසාදිතයෙකු වාර්තා නොවූ එකම දිස්ත්‍රික්කය වූ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් – 19 ආසාදිතයෙකු පළමු වරට වාර්තා වූ බව කිලිනොච්චිය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසනවා.
අදාළ ආසාදිතයා කොළඹ හෝටලයක සේවය කොට සිය නිවස වෙත පැමිණ ස්වයං නිරෝධායනයට ලක්ව සිටි පුද්ගලයෙක් වන අතර පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
අදාළ පුද්ගලයා පසුගිය ඔක්තෝම්බර් 28 වැනිදා කොළඹ සිට කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයේ සිය නිවස වෙත පැමිණ ඇති අතර, එහිදි ස්වයං නිරෝධායනය වෙනුවෙන් යොමුකොට ඇත.
අසාදිත පුද්ගලයා ප්‍රතිකාර වෙනුවෙන් යාපනය, මරදනාමඩම පිහිටි කොව්ඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකොට ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසුවේ.
