Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍ර ලෙස භාවිත කළ හැකි ආයතන යාවත්කාලීන කරයි

රාජකාරියට වාර්තා කිරීම සඳහා ඇඳිරිනීති බලපත් අවශ්‍ය නොවන ආයතන ලැයිස්තුව යාවත්කාලීන කර තිබේ. ඒ අනුව, පෙර පැවති 84ක් වූ ආයතන ලැයිස්තුව 107 දක්වා වැඩිකර තිබෙනවා.

එම ආයතනවල සේවකයින්ට රාජකාරී හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත සමග තම ආයතන ප්‍රධානියා විසින් නිකුත් කරන ලද සේවයට කැඳවීමේ ලිපිය ඇඳිරිනීති බලපත වෙනුවට භාවිත කළ හැකි බව පොලිස් මුලස්ථානය පවසයි.

මේ අතර, ආයෝජන මණ්ඩලයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල සේවකයින්ට ඇඳිරිනීති බලපත් ලබාගැනීම් අවශ්‍ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top