Advertise with Giraya
NEWS

22 වන කොරෝනා මරණය නිල වශයෙන් තහවුරු කෙරේ

ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් සිදු වූ 22 වන කොරෝනා මරණය පසුගිය නොවැම්බර් 01 වැනි දින සිදු වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දෙයි. මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිකුත් කරන ලද නිල නිවේදනය පහත පරිදි වේ.

පසුගිය 01 වැනි දින කොළඹ ජම්පටාවීදියේ නිවසකදී මියගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කරන ලද 68 හැවිරිදි කාන්තාවකගේ දේහය සම්බන්ධයෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් එම කාන්තාව කොවිඩ් – 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දෙයි.

මෙම මිය ගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයෙකු කොවිඩ් – 19 ආසාදිතයෙකු වශයෙන් මීට පෙර හඳුනාගෙන ඇති අතර අනෙකුත් සාමාජිකයන් ද නිවාස නිරෝධායනයට ලක්කර තිබුණි.

Giraya News Alerts

ඇය මිය යාමට ආසන්නම හේතුව කොවිඩ් නිවුමෝනියා තත්ත්වය ලෙස වාර්තා කරනු ලබන අතර මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 22 වන කොවිඩ් ආසාදිත මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top