Advertise with Giraya
NEWS

අද වාර්තා වූ ආසාදිතයින් ගණන 275ක්

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 11,335ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අද(02) දිනය තුළ ආසාදිතයින් 275ක් හඳුනා ගැනිමත් සමඟය. එම ආසාදිතයින් 275 දෙනාගෙන් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් ද 232ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ද වේ.

ඒ අනුව, මේ වන විට බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 7857ක් ලෙස වාර්තා වේ.

එමෙන්ම, අද (02) දිනයේ දී තවත් ආසාදිතයින් 344 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, වාර්තා වූ ආසාදිතයින්ගෙන් 5249 දෙනෙකු සුවය ලබා තිබෙනවා. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 6065ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 21කි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top