නොවැම්බර් 09 වැනි සඳුදා දින සිට ආරම්භ කිරීමට නියමිතව තිබු තෙවන පාසල් වාරය තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව, නොවැම්බර් 23 වැනි දින සිට තෙවන වාරය සඳහා නැවත පාසල් විවෘත කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා සඳහන් කරයි.
කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් පසුගිය ඔක්තෝම්බර් 04 වැනි දින දෙවන වාරයේ අධ්‍යයන කටයුතු අවසන් කිරීමටත් මේ මස 09 වැනි දින තෙවන වාරයේ අධ්‍යයන කටයුතු ඇරඹීමටත් මීර පෙර අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණි.
