පසුගිය 31 වන දින පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගිය රෝගියෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඔහු කොවිඩ් ආසාදිතයෙකු වශයෙන් තහවුරු කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය මීට සුළු වේලාවකට පෙර දැනුම් දුන්නේ ය.
මෙම මිය ගිය පුද්ගලයා 27 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එසේම මෙම මරණය සියදිවි නසා ගැනීම හේතුවෙන් සිදු වූවක් ලෙස වාර්තා කරනු ලබයි.
මෙය 22 වන කොරෝනා ආසාදිත රෝගියෙකුගේ මරණය ලෙස වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කරයි.
