පානදුර, වෑකඩ ප්‍රදේශයේ ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගත් තරුණයාට කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට තහවුරු වෙයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, අදාළ තරුණයා ඊයේ (01) සිය නිවසේදී ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බවයි. පසුව සිදු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඔහුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
එමෙන්ම, සියදිවි හානි කර ගත් අදාළ තරුණයා මත්ද්‍රව්‍යවලට අබ්බැහි වී සිට ඇති බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා.
