Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කඩුවෙලින් තවත් ආසාදිතයින් 64 දෙනෙකු වාර්තා වෙයි

කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාශය තුළින් තවත් ආසාදිතයින් 64 දෙනෙකු වාර්තා වී ඇති බව කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චන්දන පත්බේරිය සඳහන් කරයි. පසුගියදා (30) කඩුවෙල පොළ ආශ්‍රිතව සහ මාළු වෙළඳාම් කළ වෙළඳුන් 288 දෙනෙකුගේ සිදු කරන ලද පීසීආර් පරීක්ෂණ වාර්තා 288ක ප්‍රතිඵල අනුව මෙලෙස ඉන් 64 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

අදාළ ආසාදිතයින් කඩුවෙල, කොතලාවල, වැලිවිට, නවගමුව, වැලිහිඳ, පෝරේ, නවගමුව, බෝමිරිය, තලාහේන, ඔරුවල, කොරතොට, අතුරුගිරිය, රණාල ඇතුළු වසම් 18කින් වාර්තා වී ඇත. ඒ අනුව, කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාශය තුළින් මේ වන විට ආසාදිතයින් 174 දෙනෙකු වාර්තා වී ඇත.

එමෙන්ම, පසුගිය ඔක්තෝම්බර් මස 31 වන දින වෑක්කවත්ත යකඩ වැඩපොළින් නව ආසාදිතයින් 29 දෙනෙකු වාර්තා වී තිබෙනවා. අදාළ යකඩ වැඩපොළේ සේවය කළ 50 දෙනෙකුගේ සිදු කරන ලද පීසීආර් පරීක්ෂණයන්ගෙන් එම ආසාදිතයින් 29 දෙනා හඳුනාගෙන ඇත.

Giraya News Alerts

අදාළ යකඩ වැඩපොළෙන් යකඩ රැගෙන යාම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් ලොරි රථ පැමිණ ඇති අතර එම ලොරි රථවල සියලු තොරතුරු සමාගම සතුව නොමැති නිසා අදාළ ආශ්‍රිත පුද්ගලයින් සොයා ගැනීම දුෂ්කර වී ඇති බව වෛද්‍ය චන්දන පත්බේරිය සඳහන් කරයි. එබැවින් එලෙස පැමිණි අයෙකු වේ නම් තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අමතන ලෙස ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඉල්ලා සිටියි. එමෙන්ම, කඩුවෙල දැනට පවතින් තත්ත්වය ඉතාමත් අවදානම් බැවින් මහජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චන්දන පත්බේරිය වැඩිදුරටත් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top