Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 179 දෙනෙකු ගම්පහින්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වි ඇති සමස්ත ආසාදිතයින් ගණන 11,060ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (01) දිනයේ දී මෙරටින් වාර්තා වූ නව ආසාදිතයින් ගණන 397ක් වේ. ඉන් 41ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් ද 356 දෙනෙකු ආශ්‍රිතයින් ද වේ.

එම 356 දෙනාගෙන් 179 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 93 දෙනෙකු වාර්තා වී ඇත. ඊයේ දිනයේ දී ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහත පරිදි වේ.

  • ගම්පහ දිස්ත්‍රික්කය – 179
    • කැළණිය – 38
    • බියගම – 34
    • මහර – 36
    • වත්තල – 39
    • දොම්පේ – 01
    • මිනුවන්ගොඩ – 10
    • රාගම – 01
    • පෑලියගොඩ – 07
    • දිවුලපිටිය – 02
    • වේයන්ගොඩ – 03
    • සීදූව – 01
    • කොටුගොඩ – 01
    • අත්තනගල්ල – 06
  • කොළඹ දිස්ත්‍රික්කය – 93
    • කොළඹ (1 – 15) – 51
    • කොටුව – 30
    • මීතොටමුල්ල – 03
    • වැල්ලම්පිටිය – 01
    • මරදාන – 01
    • මට්ටක්කුලිය – 01
    • කොලොන්නාව – 03
    • කොටිකාවත්ත – 01
    • බොරැල්ල – 02
  • කළුතර දිස්ත්‍රික්කය – 33
    • හොරණ – 33
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 11
    • පන්නල – 07
    • නාරම්මල – 04
  • පුත්තලම දිස්ත්‍රික්කය – 02
    • ආරච්චිකට්ටුව – 01
    • හලාවත – 01
  • හම්බන්තොට දිස්ත්‍රික්කය – 01
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 01
  • මඩකලපුව දිස්ත්‍රික්කය – 05
    • කෝරලේපත්තු – 05
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 19
    • මාවනැල්ල – 18
    • රුවන්වැල්ල – 01
  • ගාල්ල දිස්ත්‍රික්කය – 02
  • මාතර දිස්ත්‍රික්කය – 01
    • හොරපාවිට – 01
  • රත්නපුර දිස්ත්‍රික්කය – 01
    • ඇහැළියගොඩ – 01
  • පොළොන්නරුව දිස්ත්‍රික්කය – 01
  • මන්නාරම දිස්ත්‍රික්කය – 01
  • අනුරාධපුරය දිස්ත්‍රික්කය – 01
  • මධ්‍යම පලාත – 05
    • කුණ්ඩසාලේ – 01
    • නුවරඑළිය – 03
    • නාවලපිටිය – 01

ඒ අනුව, අද (02) උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිත කොවිඩ් පොකුර 7,582ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් පුද්ගලයින් 1,041ක් ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර, ඉතිරි පුද්ගලයින් 6,541ක් දෙනා එම කම්හලේ කොවිඩ් පොකුරට සම්බන්ධ අය වේ.

Giraya News Alerts

මේ අතර අද උදෑසන දෝහා සිට පුද්ගලයින් තිදෙනෙක් පැමිණ තිබෙනවා.

අද දිනය තුළත් ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් 228 දෙනෙක් නිවෙස් බලා පිටව යෑමට නියමිත බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ වන විට පුද්ගලයින් 4,039 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන 45ක නිරෝධායනය වෙමින් සිටී

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top