Advertise with Giraya
NEWS

ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවලට විශේෂ මාර්ගෝපදේශයක්

ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 වසංගත තත්ත්ය මේ වන විට අවදානම් තුන්වන අදියර හෙවත් Alert level 3 ලෙස සැලකෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය මේ බව සඳහන් කරන්නේ නිරෝධායන ඇඳිරිනීතිය පනවා නොමැති ප‍්‍රදේශවල ක‍්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් ය.

ඒ අනුව, ඇඳිරි නීතිය නොමැති ප‍්‍රදේශවල පවා ගෘහස්ථ උත්සව, එළිමහන් උත්සව, මහජන රැස්වීම්, සැණකෙලි, සංගීත සංදර්ශණ සහ වෙරළ සාද සඳහා අවසර හිමිවන්නේ නැහැ. පාසැල්, විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන මෙන්ම උපකාරක පංති, සිනමාශාලා, ළමා උද්‍යාන හා සත්වෝද්‍යාන, පිහිනුම් තටාක, කැසිනෝ, රාතී‍්‍ර සමාජ ශාලා, සම්බහන මධ්‍යස්ථාන මෙන්ම නවාතැන් සපයන ස්ථානද වසා තැබිය යුතුය.

මීට අමතරව නිවසින් බැහැර වීම, පොදු ප‍්‍රවාහනය, රාජ්‍ය ආයතන හා කාර්යාල, වෙළදසැල්, බැංකු, ආර්ථික මධ්‍යස්ථාන, ආහාර නිෂ්පාදන ආයතන, ව්‍යාපාරික ස්ථාන, අධිකරණ හා බන්ධනාගාර පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද මෙමගින් මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. මෙම සම්පූර්ණ මාර්ගෝපදේශමාලව පහතින් දැක්වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top