ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 21 වන කොවිඩ් ආසාදිත මරණය ඊයේ (31) දිනයේ දී වැලිසර ලය රෝහලේ දී සිදු වී ඇත.
මෙම මියගිය රෝගියා 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අධිරුධිර පීඩනය සහ ශ්වසන පද්ධතියේ ආසාදිත තත්ත්වයක් හේතුවෙන් පසුගිය 23 වැනි දින රෝහල්ගත වී ඇත.
පළමු පීසීආර් පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු බවට හඳුනාගෙන නොමැති අතර 31 වන දින මියගිය පසු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කරන ලද දෙවන පීසීආර් පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේ ය.
