පසුගිය 29 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිිදි පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
යුද හමුදාපතිවරයා සඳහන් කළේ, කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින බැවින් මෙම තීරණය ගනු ලැබූ බවයි.
ඒ අනුව, නොවැම්බර් 02 වන සඳුදා දින පෙරවරු 05 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් 09 වැනි දින සඳුදා දින පෙරවරු 05 වන තෙක් ක්‍රියාත්මක වන බව ජාතික රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
මීට අමතරව, හෙට (02) පෙරවරු 5 සිට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශයට, කුරුණෑගල පොලිස් බලප්‍රදේශයට සහ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයට ද නොවැම්බර් 09 වෙනිදා පෙරවරු 5.00 දක්වා ඇඳිරි නිතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
