Advertise with Giraya
NEWS

ආසාදිතයින් 506කට සුවයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (01) පෙරවරු 10.00 වන විට 10,663ක් බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

එමෙන්ම, ඊයේ (3) දිනයේ දී ආසාදිතයින් 239 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන්ගෙන්,

  • බ්‍රැනඩික්ස් මිනුවන්ගොඩ හා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් – 180ක්
  • නිරෝධායන මධ්‍යස්ථානවලින් – 59ක්

ඔක්තෝම්බර් මස 03 වැනි දින බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළ පළමු ආසාදිතයා වාර්තා වූ අතර මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 67%කට වැඩි ප්‍රමාණයක් දැනට වාර්තා වී ඇත්තේ බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ කොරෝනා පොකුරට වේ. එම පොකුරට අදාළව ඔක්තෝම්බර් මස එක් එක් දිනකදී වාර්තා වූ ආසාදිතයින් ගණන පහතින් දැක්වේ.

Giraya News Alerts

දැනට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 10,663 දෙනා වාර්තා වී ඇත්තේ පහත සඳහන් කාණ්ඩයන්ගෙන් වේ.

  • වෙනත් රටවලින් පැමිණි විදේශිකයින් – 100
  • වෙනත් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකය -1465
  • නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
  • කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් හා ආශ්‍රිතයින් -651
  • බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ පොකුර – 7184
  • වෙනත් -313

එසේම, අද (01) පෙරවරු 10.00 වන විට තවත් අසාදිතයින් 506 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. එය එක් දිනකදී සුවය ලැබූ වැඩිම ප්‍රමාණය වේ. ඒ අනුව, මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 4905 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

තවද, මේ වන විට මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ ගණන 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 5738කි.

එමෙන්ම, දැනට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 10,663ට සාපේක්ෂව 46%කට ආසන්න ප්‍රමාණයකට සුවය ලබා ඇත. දැනට වාර්තා වූ ආසාදිතයින්ගෙන් සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 53.8%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණයට පත්වූ ප්‍රමාණය 0.19%ක් වූ ප්‍රමාණයකි.

ඔක්තෝම්බර් මාසය තුළ දී ආසාදිතයින් 7283 දෙනෙකු වාර්තා වී ඇති අතර ආසාදිතයින් 1169 දෙනෙකු සුවය ලබා ඇත. මාසය තුළ දී පීසීආර් පරීක්ෂණ 223,147ක් සිදු කර ඇති අතර එය මාසයක් තුළ සිදු කර ඇති වැඩිම පිසීආර් පරීක්ෂණ ප්‍රමාණය වේ.

ඔක්තෝම්බර් මාසයේ දී වාර්තා වූ දෛනික ආසාදිතයින් ප්‍රමාණය හා සුවය ලද ප්‍රමාණය පහතින් දැක්වේ.

ඔක්තෝම්බර් මාසය තුළ දී සක්‍රීය ආසාදිතයින් හා සමස්ත ආසාදිතයින් ගණන වෙනස්වීම පහතින් දැක්වේ.

දැනට ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 512,735ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. මෙරට එක් දිනකදී සිදු කළ වැඩිම පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය වූ 11,999ක ප්‍රමාණය ඔක්තෝම්බර් මස 31 වැනි දින සිදු කර තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top