Advertise with Giraya
NEWS

පොලිසියේ නිලධාරීන් 105කට කොරෝනා

මේ වන විට පොලීසියේ නිලධාරීන් 105 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී තිබෙනවා. එමෙන්ම, අද (1) දිනය තුළ දී තවත් පොලිස් නිලධාරීන් 10 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර, දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ කාන්තා පොලිස් නිලධාරිනියක් ඇතුළු දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.

මේ හේතුවෙන් අදාළ පොලිස් නිලධාරිනිය රැඳී සිටි කොළඹ මලලසේකර මාවතේ කාන්තා භට නිවාසයේ 235 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කෙරෙමින් පවතී.

Giraya News Alerts

කොළඹ අපරාධ කොට්ඨාසයෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ථ ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 26කි.

එමෙන්ම, මෝදර පොලිස් ස්ථානයෙන් දෙදෙනෙකු,දෙමටගොඩ පොලිස් ස්ථානයෙන් දෙදෙනෙකු,කොළඹ වරාය,මාළිගාවත්ත,මරදාන සහ ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් ස්ථානවලින් එක් අයෙකු බැගින් කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් හඳුනාගෙන තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top