මුල්ලේරියාව රෝහලේ අකර්මන්‍යව පවතින පීසීආර් යන්ත්‍රය හෙට (02) දිනය වන විට යථා තත්ත්වයට පත් කළ හැකි බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ වන විට යන්ත්‍රයේ දෝෂය හඳුනාගෙන ඇති බවත් යන්ත්‍රයේ ස්වයංක්‍රීය කොටසේ දෝෂයක් හටගෙන ඇති අතර ප්‍රධාන යන්ත්‍රය සාමාන්‍ය පරිදි ක්‍රියාකරන බව චීන තානාපති කාර්යාලය පවසයි. පරීක්ෂණ වට කිහිපයකින් අනතුරුව අදාළ පී.සී.ආර් යන්ත්‍රය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වු බවට සහතික විය හැකි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
මෙම යන්ත්‍රය අකර්මන්‍ය වීම හේතුවෙන් මෙරට පී සී ආර් පරීක්ෂණ ප්‍රථිපල ලබාදීමේ ප්‍රමාදයක් ඇතිවූ අතර ඒ අනුව චීනයේ සිට තාක්ෂණික කණ්ඩායමක් රාජතාන්ත්‍රික ඉල්ලීමක් අනුව මෙරටට පැමිණ එම යන්ත්‍රය සැකසීමේ කටයුතු ආරම්භ කළා. යන්ත්‍රය යලි සැකසීමෙන් අනතුරුව එහි නිවැරදි භාවය සහතික කිරීම සඳහා පරීක්ෂණ වට කිහිපයක් සිදුකිරිමට නියමිතයි. එමෙන්ම මෙම යන්ත්‍රය ලබන සඳුදා සිට නැවත පරීක්ෂණ සඳහා යොදා ගත හැකි බව චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
