Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 86ක් කොළඹින්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 10,662ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එමෙන්ම, ඊයේ (31) දිනයේ දී ආසාදිතයින් 239 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 86 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

එම ආසාදිතයින් 239 දෙනාගෙන් 59 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වී ඇති අතර අනෙක් 180 දෙනා වාර්තා වී ඇත්තේ පෑලියගොඩ හා ධීවර වරායන්ගෙන් වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ය. ඊයේ වාර්තා වු ආසාදිතයින් 180දෙනාගේ ප්‍රදේශයන් පහති්න් දැක්වේ.

  • කොළඹ දිස්ත්‍රික්කය – 86
    • කොළඹ (1-15) ආසාදිතයින් 51ක්
    • දෙහිවල 13ක්
    • ගොතටුව ප්‍රදේශයෙන් 04ක්
    • හංවැල්ල 11ක්
    • බොරැල්ල 07ක්
  • ගම්පහ දිස්ත්‍රික්කය – 21
    • ගම්පහ 02ක්
    • වත්තල 04ක්
    • මිනුවන්ගොඩ 06ක්
    • කටාන 02ක්
    • ජා-ඇල 03ක්
    • කඩවත 02ක්
    • දොම්පේ 02ක්
  • කළුතර දිස්ත්‍රික්කය – 20ක්
  • රත්නපුර දිස්ත්‍රික්කය -28ක්
  • ගාල්ල දිස්ත්‍රික්කය – 4ක්
  • කෑගල්ල දිස්ත්‍රික්කය -10ක්
  • වව්නියාව දිස්ත්‍රික්කයෙන් – 12ක්

මේ අතර, ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 10,510ක් සිදුකර ඇති අතර, මේ වන විට මෙරට තුළ PCR පරීක්ෂණ 512,735ක් සිදුකර ඇත. එමෙන්ම නිරෝධායනය අවසන් කොට අද දිනයේදී පුද්ගලයින් 718 දෙනෙකු නිරෝධායනය අවසන් කොට පිටව යෑමට නියමිත බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top