Advertise with Giraya
NEWS

අද දිනට ආසාදිතයින් 239ක් වාර්තා වෙයි

Update at 10.30 PM

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන අද (31) පස්වරු 09.35 වන විට 10,663ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අද (31) දිනයේ දී තවත් ආසාදිතයින් 102ක් වාර්තා වීමත් සමඟයි. ඒ අනුව, අද දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් ගණන 239ක් වේ.

වාර්තා වූ නව ආසාදිතයින් දෙනාගෙන් 59ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් ද 180ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ කොරෝනා පොකුරට අදාළව මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 7185ක් වේ.

Giraya News Alerts

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 6249කි. එමෙන්ම, අද (31) දිනයේ දී තවත් ආසාදිතයින් 117 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබුණා. ඒ අනුව, මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 4399ක් සුවය ලබා තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූ ගණන 20කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top