වරෙන්තු 04ක් සහ රන් මාල කැඩීමේ චෝදනාව යටතේ නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් සිරමැදිරිය තුළ දී අද (31) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
ජීවිතක්ෂයට පත්ව සිටි 25 හැවිරිදි සැකකරු රඳවා සිටි සිරමැදිරිය තුළ තවත් සැකකරුවන් සිව් දෙනෙකු සිට ඇති බව ද වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදු කරන බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
