ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් ඇතුළු සිව් දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති බව කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ දෙදෙනෙකුටත්, ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ තවත් දෙදෙනෙකුටත් වශයෙන් සිව්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව, මෙම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකර ඇත.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.
