Advertise with Giraya
NEWS

ලංකාවේ වත්මන් කොවිඩ් ව්‍යාප්තිය දරුණුයි.. ජපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයකින් හෙළිවෙයි

ශ්‍රී ලංකාවේ මේ වන විට පැතිර යන කොවිඩ් – 19 වෛරසය ‘B1.42’ යන කාණ්ඩයට අයත් වෛරසයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

මීට පෙර මෙරටින් හමුවු කන්දකාඩු පොකුර, නාවික හමුදා පොකුර B.1, B.2, B 1.1 සහ B.4 යන කාණ්ඩවලට අයත් වූවක් වන අතර වත්මන් වෛරසය විශේෂයෙන් ඉතාමත් දරුණු ලෙස පැතිරීමේ හැකියාවක් පවතින බවත් එම පර්යේෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

මෙම පර්යේෂණය පිළිබඳව විස්තර සඳහන් කළේ, දෙරණ මාධ්‍යයේ පැවති වැඩසටහනකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ විසින්ය.

Giraya News Alerts

එසේම, මෙම වෛරසය ලංකාවේ පැවති වෛරසය නොවන බවත් නිසැකවම විදේශ රටකින් පැමිණි වෛරසයක් බව එම පර්යේෂණය මගින් පැහැදිලි වන බව සඳහන් කළා.

එහිදී අදහස් දක්වමින් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, “මේ සම්බන්ධයෙන් පර්යේෂණයක් කළා මහාචාර්ය නීලිකා මලවිගේ. අද උදේ මට දැනගන්න ලැබුණා ඇය හොයා ගෙන තියෙනවා මේ වෛරසය ඉස්සෙල්ලා කන්දකාඩු, නේවි නැතිනම් ඊට කලින් අපිට හමුවන වෛරසය නෙමෙයි වෙන වේරියන්ට් එකක්. මේකේ විශේෂ දෙයක් තියෙනවා මේක ඉතාමත් දරුණු ලෙස අනිත් අයට පතුරවන්න හැකියාවක් තියෙනවා කියලා ඇය හොයා ගෙන තියෙනවා. ඒ විශේෂ ලක්ෂණය මේ වෛරස් එකේ තියෙනවා. ඒක තමයි ඉතාම කෙටි කාලයකින් විශාල පුද්ගලයින් ප්‍රමාණයකට මේක පැතිරෙන්න හේතුව…. B.1.42 කියන වෛරස් එකක්.කොවිඩ් වෛරස් එකක්ම තමයි සාස් වෛරස් එකක්. ඇයට කියන්න බෑ මේක එංගලන්තයේ තිබුණ එක ද අමෙරිකාවේ තිබුණ එකද කියලා. මොකද ඇය සතුව ඒ සාම්පල නෑ. නමුත් ඇය දිගටම පර්යේෂණ කරනවා කොහේ හරි රටකට සම්බන්ධයක් ඇති කර ගන්න පුළුවන් ද කියලා. එකක් පැහැදිලිව කියන්න පුළුවන් මේක අපිට තිබුණ එකක් නෙමෙයි පිටරටකින් අපිට ආපු එකක් කියලා.” යැයි පැවසුවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top