Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මහරගම ගම් තුනක් හුදකලා කරයි

මහරගම නගර සභා බල ප්‍රදේශයට අයත් ප්‍රගතිපුර ,වෙල්සිරිපුර සහ රාහුල පුර යන ගම්මාන තුන හුදකලා කිරීමට පියවර ගත් බව මහරගම නගර සභාව පවසයි.
ඒ, අදාළ ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් දොළොස් දෙනෙකු වාර්තා වීම හේතුවෙන්ය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හා සම්බන්ධ මාළු ව්‍යාපාරිකයින් දොළොස් දෙනෙකුට වෛරසය ආසාදනය වීම නිසා මෙම පියවර ගෙන ඇති බව මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී ඥානසිරි දයානන්ද පැවසීය.

ඒ අනුව, ප්‍රගතිපුර ,වෙල්සිරිපුර හා රාහුල පුර යන ප්‍රදේශ වල පවුල් 1600 කට ආසන්න පිරිසකගේ සංචරණ සීමා සම්පූර්ණයෙන්ම සීමා කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා පොලීසිය එක්ව පියවර ගෙන තිබෙනවා.

Giraya News Alerts

මේ වන විට, එම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විෂබීජහරණය ට ලක් කරීමට ද පියවර ගෙන ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top