වත්තල ප්‍රදේශයේ තිබෙන පුද්ගලික කර්මානාතශාලාවක සේවය කරන පුද්ගලයින් 120කට සිදු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඉන් 49 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත බවට තහවුරු වීඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර සඳහන් කරයි.
මේ අතර, වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළ පසුගිය දෙදින තුළ සිදුකළ PCR පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ පිරිමි ද්ගලයින් 75 දෙනෙකු රෝහල් ගත කිරීම ඊයේ (30) රාත්‍රියේ සහ අද (31) අලුයම සිදු කර ඇත.
එම ප්‍රදේශයේ ආසාදිත බවට තහවුරු වූ කාන්තාවන් අද දිනයේ දී ප්‍රතිකාර සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර සඳහන් කරයි.
වැඩිදුරටත් අදහස් දක්වන වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක, වරුණ අබේසේකර, “වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ දින 2ක් තුළ වාර්තා වු කොවිඩ් 75 දෙනෙක් පිටත් කර යැවීම මේ සිදුවන්නේ. පිරිමි පාර්ශවය පමණයි. කාන්තාවන් හෙට දිනයේ දී රෝහල් ගත කිරීමට කටයුතු සුදානම් කර තියෙනවා. වත්තල තවත් පුද්ගලික කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් කොවිඩ් ආසාදිත තත්ත්වයට පත්වුණා. එහි සමස්ථ සේවක සංඛ්‍යාව 1000 ඉක්මවනවා. එහිදී අපි පීසීආර් පරීක්ෂණ කළ සංඛ්‍යාවෙන් මේ වන විට 49 දෙනෙක් ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. එම ආසාදිතයින් සොයා අදාළ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම අදාළ කර්මාන්ත ශාලාව මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙනවා. අපිට 120ක පමණ ප්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි 49ක වගේ ප්‍රමාණයක් ආසාදිත බව හඳුනාගෙන තියෙන්නේ මේ වනවිට.”
