Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

පොලිසියේ කොරෝනා ආසාදිත ගණන තවත් ඉහළට

පොලිසියේ නිලධාරීන් 60ක් අද (31) උදෑසන වන විට කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි. එමෙන්ම, 400කට අධික පිරිසක් සෘජු නිරෝධායනයට ද යොමු කර ඇති බව සඳහන් කළා.

තවත් පොලිස් නිලධාරින් 1100ක පමණ ප්‍රමාණයක් එම බැරැක්ක තුළම නිරෝධායනය කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වන නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, “අපේ තියෙන නිරෝධායන මධ්‍යස්ථාන තියෙනවා කළුතර පොලිස් විද්‍යාලය, කුණ්ඩසාලේ පොලිස් විද්‍යාලය ඒවට යවලා තියෙනවා සමීප ආශ්‍රිතයෝ. ඊට අමතරව 1000-1100කට ආසන්න සංඛ්‍යාවක් ඒ බැරැක්ක තුළම, කඳවුරු තුළම නිරෝධායනය කරලා තියෙනවා. මේකත් ඇති වුණේ මුලින්ම පෑලියගොඩ පොකුරත් එක්ක. හේතුව මුලින්ම මේ රෝගය වැළඳුනේ අපේ භෝජනාගාර පාලකවරුන්ට, පොලිස් ස්ථානවල ඉන්න පොලිස් කොස්තාපල්, සැරයන්, ශ්‍රේණිවල අය පෑලියගොඩට ගිහින් තිබුණා මාළු මිලදී ගන්න. ඒ ඒ පොලිස් භෝජනාගාරවලට. ඒකෙන් තමයි මේ ව්‍යාප්තිය වුණේ. නැතුව රාජකාරිය කරන පොලිස් නිලධාරීන්ට එහෙම වැළඳුනේ නෑ. එයාලට උපකරණ දීලා තිබුණා මුලින්ම. පාරේ ඉන්න කාටවත් වැළඳුනේ නෑ මේක මුලින්ම. නමුත් යම් යම් ස්ථානවල පොලිස් ස්ථාන සුළු වේලාවකට වැහුනා. කටයුතු අත්හිටවුවා. ඒවා තැන් නැවත විෂබීජහරණය කරලා නැවත කටයුතු ආරම්භ කරලා තියෙනවා.” යැයි පැවසුවා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top