Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවේ 20 වන කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ සිදු වූ 20 වන කොරෝනා මරණය වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර තහවුරු කර සිටියි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි වයස 54ක කාන්තාවක් බව වාර්තා වෙයි.

අදාළ කාන්තාව වමනය හා දියවැඩියාව රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ගනිමින් සිටිය දි ඊයේ(30) දිනයේ දී මිය ගොස් ඇති බවත් ඇයගේ පීසීආර් පරීක්ෂණ වාර්තාව අද (31) දිනයේ දී ලැබුණ බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි. ඒ අනුව, ඇයට කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top