Advertise with Giraya
NEWS

බස්නාහිර පලාතෙන් ‘වෙලාවට පැන්න’ අය දින 14ක නිරෝධායනයට

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාතෙන් සහ කුලියාපිටිය කොට්ඨාශයෙන් ඊයේ(30) සහ පෙරේදා(29) දින දෙකෙහි පිටස්තර ප්‍රදේශ වෙත ගිය පුද්ගලයන් දැනට නවාතැන්ගෙන සිටින ස්ථානවලම දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඒ සම්බන්ධයෙන් දැනටමත් දිවයින පුරා පොලිස් ස්ථානවලට උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කලේ. මේ අනුව එලඹෙන නොවැම්බර් 12 වනදා දක්වා ඔවුන් එලෙස මේ වන විට නවාතැන් ගෙන සිටින ස්ථානයේදීම නිරෝධායනය කරන බව ද වාර්තා වේ.

මේ පිළිබඳව, දෙරණ මාධ්‍යජාලයේ අද (31) උදෑසන පැවති වැඩසටහනකට සම්බන්ධ වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, සමාජ මාධ්‍ය තුළ බස්නාහිර පළාතෙන් පිටවීම පිළිබඳ අදහස් පළකර යම් යම් ලිපි පළකළ අය සම්බන්ධයෙන් ද මේ වන විට අන්තර්ජාලය හරහා මෙහෙයුමක් දියත් කර ඇති බවයි.

Giraya News Alerts

එහිදී, මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“ෆේස්බුක් එකේ ඉන්ස්ටර්ග්‍රැම්වල දාලා තිබුණා ‘අපි වෙලාවට පැන්නා‘ කියලා කට්ටිය. ඒ අය ගැන අන්තර්ජාලය හරහා අපි මෙහෙයුමක් දියත් කරලා තියෙනවා තාක්ෂණික සහය ලබාගෙන. ඔවුන්ගේ ඊමේල් හා ෆේස්බුක් ඇඩ්‍රස් අරගෙන. ඒ අයට එරෙහිවත් අපි ක්‍රියාකරනවා. මේක කැමැත්තෙන් නෙමෙයි කරන්නේ. නමුත් රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට නම් අනිවාර්යයෙන්ම මේ ක්‍රියාමාර්ග ගන්න වෙනවා. “

ප්‍රශ්නය – සඳුදා උදේ එනකොට කවදා ද මේ අය ගියේ කියලා කොහොම ද හඳුනා ගන්නේ ?

“පොලිස් වසමක තියෙන හේටල්වල නවාතැන්පොළවල්වල විස්තර පොලීසිය සතුව තියෙනවා. කළමනාකරුවන් කියන්න එපැයි තමන්ගේ ආයතනයට ආවේ කවද්ද කියලා. එහෙම කිව්වේ නැත්නම් ඒ හෝටලයේ කළමනාකරුවන් සම්පූර්ණයෙන්ම වරදක් කරනවා. අනිවාර්යයෙන්ම ආපු දිනේ කියන්න ඕනේ. 29 හෝ 30 හරි ඇවිල්ලා තියෙනවා නම් ඒ අයගේ පොත් මේන්ටේන් කරන්න ඕනේ එන යන අය ගැන. ඇත්ත කිව්වේ නැත්නම් ඒ අයට විරුද්ධවත් කටයුතු කරනවා. ඔවුන්ගෙන් විස්තර අරන් වැඩිදෙයක් කරන්නේ නෑ. ඉන්න ස්ථානයේ ම දින 14ක් තියනවා.“ යැයි පැවසුවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top