Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

දිනක සිදු කළ වැඩිම පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය ඊයේ දිනයේ දී

ශ්‍රී ලංකාවේ එක් දිනක දී සිදු කළ වැඩිම පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය ඊයේ (30) දිනයේ දී සිදු කළ බව කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ අනුව, ඊයේ (30) දිනයේ දී පමණක් පීසීආර් පරීක්ෂණ 12,106ක් සිදු කර තිබෙනවා.

එමෙන්ම, මේ වන විට සිදු කර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 502,669ක් බව ද කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව, ජනගහණය මිලියනයකට පීසීආර් පරීක්ෂණ 23,676ක් ලෙස සටහන් වේ.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ප්‍රමාණය 10,424ක් ලෙස වාර්තා වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. සක්‍රීය ආසාදිතයින් ගණන 6123ක් වන බවත් සුවය ලැබූ ආසාදිතයින් ගණන 4282ක් බවත් වාර්තා කරයි. ජීවිතක්ෂයට පත් වූ ගණන 19කි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top