Advertise with Giraya
NEWS

සමස්ත ආසාදිතයින් ගණන 10,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන අද (30) පස්වරු 09.55 වන විට 10,424ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අද (30) දිනයේ දී තවත් ආසාදිතයින් 319ක් වාර්තා වීමත් සමඟයි. ඒ අනුව, අද (30) දිනට වාර්තා වූ ආසාදිතයින් ගණන 633ක් ලෙස සටහන් වේ.

වාර්තා වූ නව ආසාදිතයින් 633 දෙනාගෙන් 138ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් ද 595ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ කොරෝනා පොකුරට අදාළව මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 6946ක් වේ.

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 6123කි. එමෙන්ම, අද (30) දිනයේ දී තවත් ආසාදිතයින් 140 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබුණා. ඒ අනුව, මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 4282ක් සුවය ලබා තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූ ගණන 19කි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top