ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන මේ වන විට 9791ක් ලෙස වාර්තා වෙයි. ඊයේ (29) දිනයේ දී ආසාදිතයින් 586ක් වාර්තා වූ අතර ඉන් 209 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම, දැනට සක්‍රීය ආසාදිතයින් 5630ක් කිලිනොච්චිය හැර සෙසු දිස්ත්‍රික්ක 24 තුළින් ම වාර්තා වී තිබෙනවා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 2960 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1760ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 261ක් මෙලෙස වාර්තා වී තිබෙනවා. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 144ක්, පුත්තලමෙන් ආසාදිතයින් 68ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 55ක් වාර්තා වී ඇත.
එම සක්‍රීය ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක දැක්වෙන සිතියම පහතින් දැක්වේ.

