Advertise with Giraya
NEWS

නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ

එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරනු ලැබ තිබේ. නොවැම්බර් 2 වැනිදා සිට මෙම පත්වීම බලපැවැත්වෙනු ඇත.

එයාර් වයිස්මාර්ෂල් සුදර්ශන පතිරණ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි. ඔහු 1985 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව ඇති අතර, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් ද වේ.

එයාර්වයිස් මාර්ෂල් සුමංගල ඩයස් ලබන සඳුදා සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top