ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන අද (29) පස්වරු 10.20 වන විට 9791ක් ලෙස සටහන් වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. ඒ අද (29) දිනයේ දී තවත් නව ආසාදිතයින් 168ක් වාර්තා වීමත් සමඟයි. ඒ අනුව, අද දිනය තුළ නව ආසාදිතයින් 582ක් වාර්තා වී ඇත.
වාර්තා වූ නව ආසාදිතයින් 582 දෙනාගෙන් 115ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් ද 467ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ කොරෝනා පොකුරට අදාළව මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 6313ක් වේ.
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5630කි. එමෙන්ම, අද (29) දිනයේ දී තවත් ආසාදිතයින් 67 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබුණා. ඒ අනුව, මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 4142ක් සුවය ලබා තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූ ගණන 19කි.
