Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

තවත් ආසාදිතයින් 414ක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන අද (29) පස්වරු 7.00 වන විට 9619ක් ලෙස සටහන් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. ඒ අද (29) දිනයේ දී තවත් නව ආසාදිතයින් 414ක් වාර්තා වීමත් සමඟයි.

වාර්තා වූ නව ආසාදිතයින් 414 දෙනාගෙන් 62ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් ද 352ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ කොරෝනා පොකුරට අදාළව මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 6145ක් වේ.

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5458කි. එමෙන්ම, අද (29) දිනයේ දී තවත් ආසාදිතයින් 67 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබුණා. ඒ අනුව, මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 4142ක් සුවය ලබා තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූ ගණන 19කි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top