Advertise with Giraya
POLITICS

20ට සහය දුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ අසුන් පනවන්නැයි විපක්ෂය ඉල්ලයි

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහය දුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුපක්ෂයේ අසුන් පනවන්නැයි ඉල්ලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනට ලිපියක් යොමු කර තිබෙනවා.

20 වැනි සංශෝධනයට සහය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ, ඒ. අරවින්ද් කුමාර්, ඉෂාක් රහුමාන්, ෆයිසාල් කාසිම්, එච්.එම්.එම්. හාරීස් , එම්.එස්. තවුෆීක් , නසීර් අහමඩ්, ඒ.ඒ.එස්.එම්. රහීම්, එස්. එම්. එම්. මුෂාරෆ් යන මහත්ම මහත්මීන්ට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් පරිබාහිරව අසුන් පනවන ලෙස ද ලක්ෂ්මන් කිරිඇල්ල එම ලිපියේ සඳහන් කර ඇත.

එම මන්ත්‍රීන් සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීමට තීරණය කර ඇති නිසා ඉහත ඉල්ලීම කරන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් එම ලිපියේ සඳහන් කර තිබේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top