Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩි දෙනෙක් කොළඹින්

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් ප්‍රමාණය 9205ක් ලෙස සටහන් වේ. ඊයේ (28) දිනයේ දී තවත් ආසාදිතයින් 335 දෙනෛකු වාර්තා වූ අතර ඉන් 27 දෙනෙකු වාර්තා වූයේ නිරෝධායන මධ්‍යස්ථානවලින් ය. අනෙත් 202දෙනාගෙන් 140 දෙනෙකු වාර්තා වූයේ දැනට ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශයන්ගෙන් ය. එමෙන්ම, තවත් 106 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතව වාර්තා විය.

එමෙන්ම, ඊයේ (28) වාර්තා වූ ආසාදිතයින්ගෙන් 237 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ අනුව, ඊයේ (28) වාර්තා වූ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශයන් පහත පරිදි වේ.

  • කොළඹ දිස්ත්‍රික්කය -237

කොළඹ නගරයෙන් 161ක්, කිරුළපන 06ක්, පාමංකඩ 02ක්, මෝදර 06ක්, මට්ටක්කුලිය 21ක්, කොටහේන 04ක්, නාරාහේන්පිට 06ක්, වැල්ලම්පිටිය 01ක්, මාළිගාවත්ත 03ක්, කඩුවෙල 01ක්, වැල්ලවත්ත 05ක්, බොරැල්ල 03ක්, තුන්මුල්ල 01ක් සහ කැස්බෑව ප්‍රදේශයේ 17ක්

Giraya News Alerts
  • ගම්පහ දිස්ත්‍රික්කය – 75

මහර ප්‍රදේශයෙන් 22ක්, වත්තල ප්‍රදේශයෙන් 52ක් සහ දිවුලපිටිය ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙක්

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 10ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 01ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තංගල්ල ප්‍රදේශයෙන් 02ක්, තිස්සමහරාමයෙන් එක් ආසාදිතයෙක් වාර්තාවී ඇත.

මෙයට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය සහ මහව ප්‍රදේශයේ පුද්ගලයින් සිව්දෙනෙකු හටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 04

තලවකැලේ 02ක්, මස්කෙළිය ප්‍රදේශයෙන් සහ කොටගල ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙක්

  • පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙක් වාර්තා වී ඇත.
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top