Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් පීසීආර් සිදු කළ ගාල්ලේ පුද්ගලයෙක්ට කොරෝනා

විදෙස්ගතවීම සඳහා වීසා ලබා ගැනීමට පෞද්ගලික රෝහලක පීසීආර් පරීක්ෂණය සිදු කළ පුද්ගලයෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. අදාළ ආසාදිත පුද්ගලයා අක්මීමන, තොටගොඩ, පස්මාළුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසනවා.

ඒ අනුව, අදාළ පුද්ගලයා ඊයේ (28) රාත්‍රියේ දී හම්බන්තොට රෝහලට පිටත් කර හැරීමට පියවර ගත් බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සඳහන් කරයි.

කෙසේවෙතත්, මෙම පුද්ගලයා කොළඹ නැව් තටාකාංගන, මිනුවන්ගොඩ ඇගලුම්කම්හල් පොකුරට හා පැළියගොඩ මත්ස්‍ය අලෙවිසැලේ පොකුරට අයත් නොවන අයෙකු බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Giraya News Alerts

” මෙම පුද්ගලයා පදිංචි නිවසේ සාමාජිකයින් 07 දෙනෙකු පදිංචිවෙලා ඉදලා තියෙනවා. මෙම පුද්ගලයාගේ සහෝදරයක් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වි එම නිවසට පැමිණ තියෙනවා. ඔහු නිවසට එවිමට පෙරසිදුකළ පි.සි.ආර්. පරික්ෂණය නෙගටිව් විම නිසා තමයි නිවසට එවලා තියෙන්නේ. මොහුගෙන් මෙම පුද්ගලයාට අසාදනය වුනාද කියලා පරික්ෂා කළ යුතුයි. දැනට මොහුට කොරෝනා වෛරසය ආසාදනය විම ගැන මුලාශ්‍රය සොයාගෙන යනවා. තම සහෝදරයාගේ ආශ්‍රිතයෙක්ද කියා සොයාගැනිම සදහා ඔහුගේ අද දින පි. සි.ආර්. පරික්ෂයක් සිදුකරණවා. කොවිඩ් ආසාදනය වූ පුද්ගලයාගේ මවත් කැම ඉවිම සදහා යන කාන්තාවක් නිසා ඇයගේ ද පි. සි.ආර්. පරික්ෂණය අද දින සිදුකරණ” බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි ප්‍රකාශ කර සිටියා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top