Advertise with Giraya
NEWS

සක්‍රීය ආසාදිතයින් ගණන පළමු වරට 5000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වූ සක්‍රීය ආසාදිතයින් ගණන 5000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, අද (28)දින පස්වරු 10.30 වන විට තවත් ආසාදිතයින් 124ක් වාර්තා වීමත් සමඟයි. ඒ අනුව, අද(28) දිනට වාර්තා වූ ආසාදිතයින් ගණන 335ක් වේ.

එම වාර්තා වූ ආසාදිතයින් 335 දෙනා අතරින් 202ක් ආශ්‍රිතයින් වන අතර ඉන් 140 දෙනෙකු වාර්තා වී ඇත්තේ දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලින් ය. 106 දෙනෙකු වාර්තා වී ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ය. අනෙක් ආසාදිතයින් 27 දෙනා වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින් ය.

ඒ අනුව, බ්‍රැන්ඩික්ස් පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන මේ වන විට 5731ක් ලෙස සටහන් වේ.

Giraya News Alerts

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5111ක් වේ. එමෙන්ම, අද (28) තවත් ආසාදිතයින් 32ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 4075දෙනෙකු සුවය ලබා ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top