ශ්රීී ලංකාවෙන් මේ වන විට වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 9000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, අද (28)දින පස්වරු 6.55 වන විට තවත් ආසාදිතයින් 211ක් වාර්තා වීමත් සමඟයි.
එම වාර්තා වූ ආසාදිතයින් 211 දෙනා අතරින් 202ක් ආශ්‍රිතයින් වන අතර ඉන් 140 දෙනෙකු වාර්තා වී ඇත්තේ දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලින් ය. අනෙක් ආසාදිතයින් 09 දෙනා වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින් ය.
ඒ අනුව, බ්‍රැන්ඩික්ස් පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන මේ වන විට 5607ක් ලෙස සටහන් වේ.
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 4987ක් වේ. එමෙන්ම, අද (28) තවත් ආසාදිතයින් 32ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 4075දෙනෙකු සුවය ලබා ඇත.
