බස්නාහිර පළාතට හෙට දිනයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමෙන් පසුව බස්නාහිර පළාතට ඇතුළුවීමට හෝ පිටවීමට කිසිදු අයෙකුට අවසර හිමිනොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
එමෙන්ම, බස්නාහිර පළාතේ ඇඳිරි නිතිය පනවනු ලබන කාල සීමාව තුළ කිසිදු විවාහ උත්සවයක්, ප්‍රදර්ශණයක් හෝ මහජනතාව ඒකාරාශි වන කටයුතු තහනම් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඔහු මේ බව සඳහන් කළේ, මාධ්‍ය හමුවක් පවත්වමින්ය.
බස්නාහිර පලාතට ඇතුල්වන අධිවේගී මාර්ගයන් ඇතුළු සෑම ස්ථානයකම හෙට මධ්‍යම රාත්‍රියේ සිට විශේෂ පොලිස් මාර්ග බාධක යොදවන බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා යම් අයෙකු පිට පළාතක සිට බස්නාහිර පළාතට පැමිණෙන්නේ නම් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට පෙර සිය ගමනා ගමන කටයුතු සිදුකරන ලෙස දැනුම් දී සිටියා.
ඇඳිරි නීතිය පනවා ඇති කාලයේදී අත්‍යවශ්‍ය සේවා සිදුකරනු පුද්ගලයන්ට පමණක් සිය රාජකාරි කටයුතු සඳහා ගමන් කිරිමට අවසර හිමිවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මිට අමතරව, සෙනසුරාදා පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා සහභාගී වන සිසු සිසුවියන්ට සහ එම කාර්ය මණ්ඩලයට බාධාවකින් තොරව සිය කටයුතු සිදුකර ගෙන යාමට අවසරය ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියා.
