Advertise with Giraya
NEWS

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පනවයි

හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි. එය ලබන සඳුදා (02) උදෑසන 5.00 දක්වා බලපැවැත්වෙයි.

නොවැම්බර් මස 02 වැනි දින උදෑසන 5.00ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරනු ලබන්නේ මේ අවස්ථාව වන විට නිරෝධායන ඇඳිරි නීතිය පනවා නැති ප්‍රදේශයන්ට පමණක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව, දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශයන්ගේ නිරෝධායන ඇඳරි නීතිය නොවැම්බර් මස 02 වැනි සඳුදා දින උදෑසන 05.00 න් පසුව නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

එසේම සිකුරාදා දිනයේ බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන හෙයින් දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශයන්හි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධහල් හෙට (29) දින උදේ 08.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කර තැබිය යුතුය.

Giraya News Alerts

නොවැම්බර් මස 02වන දායින් පසුව, මිට කලින් නිවේදනය කරන ලද පරිදි එක් එක් දිස්ත්‍රික්කයන්හි ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය වෙළඳසැල් සහ ඖෂධහල් සතියට දින 02ක් විවෘත කිරීමට කටයුතු කරනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top